C Shop වෙබ් අඩවිය ට එහි කළමණාකරුවකු ලෙස පිවිසෙන ඔබ සාදරයෙන් පිලි ගනිමි.
මෙහි කළමනාකරුවකු ලෙස සැලකීමට පෙර ඔහු හෝ ඇය මෙම වෙබ් අඩවිය පරිහරණය කරන පාරිභෝගිකයකු ලෙස ද ඉන්පසු අලෙවි නියෝජිතයෙකු ලෙසද කටයුතු කොට තිබිය යුතුය.
කළමණාකරුගේ ප්‍රධාන වගකීම ඔහු යටතේ ඉන්නා අලෙවි නියෝජිතයින් හරහා පාරිභෝගික අවශ්‍යතා සපුරා ලීමට සම්පූර්ණයෙන්ම කැපවී කටයුතු කිරීමයි.
එමෙන්ම ඔහු හෝ ඇය සැපයුම් අංශය ද පාලනය කළ යුතුය.
මුදල් පිළිබඳ වගකීම ප්‍රධාන වශයෙන් ඔහුගේ/ඇගේ වගකීමකි.
මෙම කටයුතු වෙනුවෙන් ඔහුට/ඇයට ප්රතිලාභ ලැබෙනු ඇත.
ඔබට මේ වෙබ් පිටුවට පිවිසෙන්නට අවසරය ලැබීම ඔබට ලැබෙන විශේෂ අවස්ථාවක් ලෙස සලකන්න. ඔබ මෙහි කළමණාකරුවකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ මෙහි පරිපාලනය විසින් ගත් තීරණයකට අනුවයි.
මිදුලේ ඇවිදින්නකුගේ පා සටහන් මෙන් මෙම අඩවියට පිවිසී ඔබ කරන ක්‍රියාකාරකම් හැම දෙයක්ම මෙහි සටහන් වෙනවා ක් මෙන්ම ඔබ මෙයට ඇතුලු කරන තොරතුරු සියල්ලම පාහේ මුලු ලෝකයට ම විවර වන බව නිතර සිහියේ තබා ගන්න.
පළමුව මෙනුව නිරීක්ෂණය කරන්න. එහි ඇති stock මෙනුව තුලින් පිවිසෙන්න. මුලු ලෝකයේම පාරිභෝගියින් විසින් පරිහරණය කරන භාණ්ඩ හා සේවා ලැයිස්තුවක් Items list තුලින් ඔබට දැක ගත හැක. එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව පරිස්සමින් වර්ගීකරණයකට ලක් කොට ඇති අයුරු නිරීක්ෂනය කරන්න. Item group, Item category, Brand, Country, Status යටතේ එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව වර්ගීකරණයකට ලක් කොට ඇත. මෙම කටයුතු පිලිබඳ ඔබේ වටිනා අදහස් ලබා ගැනීමටත් එම කටයුතු වලට ඔබ සහභාගි කර ගැනීමටත් පරිපාලනය බලාපොරොත්තු වේ.
මෙහි පාරිභෝගිකයන් අතරින් දක්ෂ එමෙන්ම යහපත් පුද්ගලයින් අලෙවි නියෝජිතයින් ලෙසත් උදව් කරුවන් ලෙසත් බඳවා ගැනීම ද ඔබට පැවරෙන තවත් වගකීමකි.
තත්වයෙන් උසස් මෙන්ම උපයෝගීතාවය ඇති භාණ්ඩ හා සේවා සොයා ගොස් එම නිමැවුම් කරුවන් හෝ සැපයුම් කරුවන් වෙබ් අඩවියට හඳුන්වා දීමත් එම භාණ්ඩ හා සේවා තොග වශයෙන් පාරිභෝගිකයින් ගේ ඇනවුම් වලට අදාලව මිල ගණන් කැඳවා මිලට ගැනීම පරිපාලනයේ අනුමැතිය පරිදි සිදු කිරීමත් ඔහුට/ඇයට පැවරේ.
මෙම කටයුතු සියල්ල පහසුකරන මෘදුකාංග මෙම පද්ධතිය විසින් සැපයෙනු ඇත. ප්‍රමාණවත් පුුහුණුවක් ඒ මෘදුකාංග භාවිතාව සඳහා ඔබ ලබා ගත යුතුය.
No comments:
Post a Comment