Saturday, November 14, 2020

Community Shop Online


Be a Proud Administrator

Why Community Shop?

මානවයා හට තමාගේ දිවි පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය වන්නේ මොනවාද යන්න තීරණය කිරීමේ අවස්ථාව දිය යුතු ය. එය ඔහු මත බලෙන් පැටවීම නොකළ යුතු ය.  එය ඔහු ගෙන් විමසා සිටිය යුතු අතර එය පැවසීමට අවස්ථාව දිය යුතු ය.

එවිට ආර්ථික විද්‍යා න්‍යායයන් ට අනුව සැබෑ ඉල්ලුම මුලට පැමිණේ.  දැන් ඒ ඉල්ලුම අනුව සැපයීම සඳහා සැලසුම් කොට නිෂ්පාදනය කළ යුතු වේ.  එම නිෂ්පාදනය අවැසි තැනැත්තා අතට පත් කරන බෙදා හැරීමේ ක්‍රම වේදය නිර්මාණශීලි ලෙස සැලසුම් කළ යුතු ය.

මේ අනුව පෙනී යන්නේ අද්‍යතන ලෝක මානව සමාජයේ සෑම දෙනෙකුම අලුතින් හිතන, නිර්මාණශීලී ලෙස වෙනස් වීමට කැමති, තමා ගේ මෙන්ම අන් අයගේත් යහපත, සතුට හා ජයග්‍රහණය ම පතන, නව්‍ය විශ්ව වැසියකු බවට පත්වීමට කාලය පැමිණ ඇති බවයි. සෑම දෙනාම නොපමාව ඒ වෙනුවෙන් කළ හැකි, කළ යුතු ඉතා කුඩා දෙයක් වුව ද සොයා බලා කරන්න ට පෙළ ගැසිය යුතු ය.

අද දවසේ බොහෝ දේ නිෂ්පාදනය කරන්නේ ඉල්ලුම සලකා බලා නොවේ. කුමණ දෙයක් නිෂ්පාදනය කළත් අලෙවිකරණයේදී විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින්, පැය 24 පුරාවටම ජන මාධ්‍යයන් ආක්‍රමණශීලි ලෙස භාවිතා කරමින්, පාරිහෝගිකයා මුලාවට පත් කරමින් කෙසේ හෝ ඔහු ජීවිත කාලය තුල උපයා ගන්නා යම් මුදලක් ඇත්නම් එය කුමන හෝ භාණ්ඩයක් හෝ සේවාවක් යැයි පවසන දෙයක් වෙනුවෙන් හුවමාරු කර ගන්නා ක්‍රම වේදයකට අපි හුරුවී සිටිමු. එස්කිමෝ වරුනට ශීතකරණ පවා විකිණිය හැකි අලෙවි විධායකයන් පුහුණු කරන අපි ඔහුගේ අතට පත්‍රිකා සහ අලෙවි ඉලක්ක පිරවූ බෑගයක් දී, ගෙලට හිරවුනු ටයි පටියක් බැඳ, මුවට දිවටත් නොදැනෙන සේ පැවසිය හැකි මුසාවාද ගොන්නක් පුරවා  පාරිභෝගියා සොයා යාමට සුඛෝපභෝගී වාහනයක් ද දී එලිමහනේ ඇවිදින්නට යවමු. ඒ ලෙසට එකිනෙකා රවටන සමාජයක් තුල තව කොපමණ කලක් අපි දිවි ගෙවමු ද?. 

එහෙත් Community Shop  එසේ නොවේ. මෙය විකල්ප අලෙවි ක්‍රම වේදයයි.  පාරිභෝගිකයා රැවටෙන්නේත් නැත. අලෙවි කරුවා මුසාවාද වගුරුවන්නේත් නැත. නිෂ්පාදකයාට හෝ සැපයුම්කරුවාට සම්පත් විනාශ කරමින් අධි නිෂ්පාදනයක් කරන්න ඕනෑත් නැත. ජන මාධ්‍යවලට තොරතෝංචියක් නැතිව කෑ මොර දෙන්න ඕනෑත් නැත. 

ගුණයෙන් උසස් තත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගියෝ දනිති. ඒවා ගැන තොරතුරු ඔවුන්ගෙන්ම අසා මෙම අඩවියේ බ්ලොග් පිටු භාණ්ඩ පිළිබඳ විචාරයන් හා විද්‍යාත්මක තොරතුරු සපයනු ඇත. එම දැනුමෙන් පාරිභෝගිකයින් බල ගැන්වෙනු ඇත. ඒ අනුව සැබෑ ඉල්ලුම කරලියට පැමිණේ.  දැන් ධනපති ක්‍රමයේම ආර්ථික විද්‍යා න්‍යායයන්ට අනුව ඉල්ලුම මුලට පැමිණේ. එවිට ඒ අනුව සැපයුම කෙරෙනු ඇත. අනවශ්‍ය තරඟයේ පීඩනය අවසන් වේවි. ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වෙයි. පාරිභෝගික අතෘප්තිය පහ වී යයි. 

ඉතින් මෙවන් ආයතනික කටයුත්තකට නායකත්වය දෙන්නෙකු ආඩම්බර විය යුතු නැද්ද?

එන්න.  ඔබේ  හෙට දවස ගැන අපි කථා කරමු.  මෙහි ඔබ වෙනුවෙන් අවස්ථාවක් ඇත.

No comments:

Post a Comment