Monday, March 9, 2020

Be a CShop.online Customer

අප සියලුම දෙනා අද ජීවත් වන්නේ පාරිභෝගික සමාජයකයි.  මව් කුස පිළිසඳ ගත් දා පටන්ම පාරිභෝගිකයකු වන අපහට මරණයෙන් මෙලොව හැර දා යන විටත් යම් යම් දේවල් පරිභෝජනය කිරීමට සිදුවේ. ජීවිත කාලය පුරාම අපට විවිධාකාරවූ දේවල් පරිභෝජනය කිරීමට සිදුවේ. අද පවතින ක්‍රමය අනුව ඒ හැම පාරිභෝගික භාණ්ඩයක් හෝ සේවාවක්ම අප වෙළඳපොල තුලින් සපයා ගත යුතුය. එහෙත් එම පාරිභෝගික භාණ්ඩ හෝ සේවා තෝරා ගැනීමේදී අප ස්වාධීනද? නැත. අපට අවශ්‍ය ආහාර, ඇඳුම්, වාසස්ථාන, අධ්‍යාපන, ඉඩම්, ගමනාගමන, සන්නිවේදන හා තොරතුරු අවශ්‍යතා ආදී කොතෙකුත් අවශ්‍යතා වෙනුවෙන් පැය විසිහතර පුරාම අපට උපදෙස් දෙන අප පොළඹවන විවිධාකාර වූ මාධ්‍ය ජාලයන් මහත් වූ බලපෑමක් අප වෙත එල්ල කරයි. එහෙයින් අප කොහෙත්ම ස්වාධීන නැත.  මෙම මාධ්‍ය මගින් අප වෙත ලබාදෙන තොරතුරු කොහෙත්ම සැමවිටම සත්‍ය නොවේ. එම සාවද්‍ය තොරතුරු විවිධ මනෝවිද්‍යාත්මක වූ උපාය උපක්‍රම මගින් අප සිත් තුලට කා වද්දනු ලැබේ.  

එබැවින් අද්‍යතන  ලෝකයේ මානවයා පාරිභෝගිකයෙකු ලෙස සැලකීමේදී කොහෙත්ම ස්වාධීන නැත. එසේ නම් එම පාරිභෝගිකයා ස්වාධීන කරන්නේ කෙලෙසද? ස්වාධීන පාර‍ිභෝගික සමාජයක් අවැසි වන්නේ එම නිසාය. මේ සඳහා අනිවාර්යයෙන්ම පාරිභෝගිකයින් ඒකරාශි විය යුතුය. ඒකරාශි වීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් එකට එකතුවී ක්‍රියා කළ යුතුය. විශේෂයෙන් මිල දී ගැනීම් වලදී බුද්ධිමත් විය යුතුය. තමා ගේ පාරිභෝගික අවශ්‍යතා ගැන මානසික අවදියකින් යුතුව නොසිටින්නේ නම් එම මානවයා දරුණු රැවටීමකට ලක් වෙනවා පමණක් නොව අනුකම්පා විරහිත ගසා කෑමකට ලක් වීම වැලැක්විය නොහැක. එබැවින් සෑම පාරිභෝගියෙකුම තමාගේ පාරිභෝගික අවශ්‍යතාවය ගැන හොඳින් දැනුවත් වී සිටිය යුතුය. ස්වාධීනව තමාට අවැසි දේ තීරණය කිරීමට හැකිවන අයුරින් පාරිභෝගික භාණ්ඩ හා සේවා පිළිබඳව හා ඒවායේ ගුණාත්මක තත්වය ගැන යථාර්ථවාදී දැනුමක් සහිත විය යුතුය.  තමාගේ ඉල්ලීමට අනුව සැපයුම ලැබෙන්නේදැයි විමර්ශනශීලී විය යුතුය. සැපයූ පමණින් ඒවා මිල දි ගැනීමට නොපෙළඹිය යුතුය. 

මෙම වෙබ් අඩවිය හරහා වර්තමාන වෙළඳපොල තුල ඇති භාණ්ඩ හා සේවා පිළිබඳ ව ඔබට තොරතුරු ලබා ගත හැකි අතර ඔබේ අතැති ජංගම දුරකථනය හෝ ටැබ් උපාංගය හෝ නිවසේ ඇති පරිගණකයෙන් එම භාණ්ඩ හෝ සේවා ඔබේ අවශ්‍යතාවය පරිදි ඇනවුම් කිරීමට අවස්ථාව ලැබේ.  මේ හරහා භාණ්ඩ හා සේවා කාණ්ඩ කොට වර්ගීකරණයකට ලක් කොට ඇති දීර්ග ලැයිස්තුවක් ඔබට දැකිය හැක. ඔබේ ඇනවුමේ ඔබට අවශ්‍ය භාණ්ඩ හෝ සේවාව ඔබට අවශ්‍ය සන්නාමය, නිෂ්පාදිත රට, තත්වය, හා අවශ්‍ය ප්‍රමාණය යනාදිය සඳහන් කරමින් ඇනවුම් කළ හැක. එවිට එම භාණ්ඩ තොගය ඔබේ ප්‍රදේශයේ අප වෙළඳ නියෝජිතයා මගින් ඔබ නිවසටම සැපයීමට බලාපොරොත්තු වෙමු. 

එම ලැයිස්තුවේ ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා නොමැති නම් Contact මෙනුව තුලින් පැමිණ එය සඳහන් කොට වෙබ් අඩවියට පණිවිඩයක් (Message) එවීමට කාරුණික වන්න. එම පණිවිඩය ලැබුනු සැනින් එම භාණ්ඩය හෝ සේවාව ප්‍රධාන ලැයිස්තුවට එක් වනු ඇත. එය සැපයිය නොහැකි නම් ඒ පිළිබඳව දැනුම් දෙනු ඇත.

මෙය නියමු ව්‍යාපෘතියක් බැවින් ඔබට මුල් අවස්ථාවේදී භාණ්ඩ හා සේවා ඇනවුම් කිරීම නිදහසේ තනිවම කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. ඒ සඳහා අපගේ බලය ලත් වෙළඳ නියෝජිතයකුගේ සහාය ඔබට අවශ්‍ය වනු ඇත. ඒ සඳහා ද ඔබට වෙබ් අඩවියට පණිවිඩයක් යොමු කොට විමසීමක් කළ හැක.


We all are living in a consumer society today. As a consumer from the moment we conceive, we have to consume certain things even when we are dying. From the birth to the death we have to consume various commodities whether we like them or not. We must find almost everything of our necessaries from the market according to the current social system.


But are we independent in choosing those consumer goods or services? No. We are greatly influenced by the diverse media networks that motivate us 24 hours a day to advise us on a wide range of needs, including food, clothing, shelter, education, land, transportation, communication and information needs. So we are not independent at all. The information provided to us by this medium is by no means always true. That misinformation is ingrained in our minds through various psychological tactics.


We call it Media Effect. It is very difficult to get an independent decision because of this Media Effect.

Therefore, in the modern world, Human beings are not at all independent in their treatment of consumers. So how do you make that customer independent? That is why an independent consumer society is needed.For this, consumers must come together. Gathering alone is not enough. They need to work together. Be especially prudent when making purchases.


If a person is not mentally alert to his own consumer needs, he will not only be severely deceived but will inevitably be subjected to ruthless exploitation.Therefore, every consumer should be well aware of his or her customer needs. Consumers need to have a realistic knowledge of goods and services and their quality so that they can decide what they want independently. He should inquire whether the supply is received as per his request. Don't be tempted to buy them just because they are supplied.

Through this website you can get information about the products and services available in the current market and have the opportunity to order those products or services as per your requirement from your mobile phone or tablet device or home computer.

Through this you can see a long list of goods and services categorized by category. In your order you can order the product or service you want by specifying the brand, country of manufacture, quality, and quantity you want. We hope to have the goods delivered to your door by our dealer in your area.

If you do not have the items and services you want in that list, please come to the Contact menu and send a message to the website. The product or service will be added to the main list as soon as the message is received. If it is not provided, it will be notified.

This is a pilot project so you will not have the opportunity to order goods and services on your own at first. You will need the assistance of one of our authorized dealers. You can also send a message to the website and make an inquiry.

1 comment: